ඉන්දීය කණ්ඩායම අමෙරිකාවේ දී T 20 තරග දෙකකට එක්වන බව කොදෙව්වන් තහවුරු කරයි

Date:

ජූනි 16 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා කාලයට අයත් සිය ජාත්‍යන්තර තරග කාලසටහන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

බංග්ලාදේශය, ඉන්දියාව හා නවසීලන්තය මෙම කාලයේ දී කොදෙව් දේශයේ තරග සංචාරවල නිරත වන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම කාලයේ දී ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 9ක් හා 20යි 20 තරග 11ක් සදහා කොදෙව්වන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ක්‍රීඩාංගන 10කදී එම තරග පැවැත්වෙන අතර, ඉන්දියාව හා කොදෙව්වන් අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ අවසන් 20යි 20 තරග දෙක අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජූනි 16 වැනිදා සිට බංග්ලාදේශයට එරෙහි තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය ආරම්භ වනවා.

අනතුරුව දෙරට අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ද පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායමේ කොදෙව් සංචාරය ආරම්භ වන්නේ ජූලි 22 වැනිදා සිටයි.

එක්දින තරග 3ක් හා 20යි 20 තරග 5ක් එම සංචාරයට ඇතුළත් බව කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

නවසීලන්තයට එරෙහි 20යි 20 තරග 3 හා එක්දින තරග 3 ආරම්භ වන්නේ අගෝස්තු 10 වැනිදා සිටයි.

තරග කාලසටහන –

Bangladesh tour of West Indies

  • June 16-20: 1st Test – Sir Vivian Richards Stadium, Antigua
  • June 24-28: 2nd Test – Daren Sammy Cricket Ground, St Lucia
  • July 2: 1st T20I – Windsor Park, Dominica
  • July 3: 2nd T20I – Windsor Park, Dominica
  • July 7: 3rd T20I – Guyana National Stadium, Guyana
  • July 10: 1st ODI – Guyana National Stadium, Guyana
  • July 13: 2nd ODI – Guyana National Stadium, Guyana
  • July 16: 3rd ODI – Guyana National Stadium, Guyana

India tour of West Indies

  • July 22: 1st ODI – Queen’s Park Oval, Trinidad
  • July 24: 2nd ODI – Queen’s Park Oval, Trinidad
  • July 27: 3rd ODI – Queen’s Park Oval, Trinidad
  • July 29: 1st T20I – Brian Lara Cricket Academy, Trinidad
  • August 1: 2nd T20I – Warner Park, St Kitts
  • August 2: 3rd T20I – Warner Park, St Kitts
  • August 6: 4th T20I – Broward County Cricket Stadium, Lauderhill, Florida, USA
  • August 7: 5th T20I – Broward County Cricket Stadium, Lauderhill, Florida, USA

New Zealand tour of West Indies

  • August 10: 1st T20I – Sabina Park, Jamaica
  • August 12: 2nd T20I – Sabina Park, Jamaica
  • August 14: 3rd T20I – Sabina Park, Jamaica
  • August 17: 1st ODI – Kensington Oval, Barbados
  • August 19: 2nd ODI – Kensington Oval, Barbados
  • August 21: 3rd ODI – Kensington Oval, Barbados

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...