ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග නරඹන්න ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය හා මිල ගණන් මෙන්න

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අයත් තරග නැරඹීම සදහා එළඹෙන 4 වැනිදා සිට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයින්ට උදා වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(2) නිල වශයෙන් නිවේදනය කළා.

එදින පෙරවරු 9.30 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් හා srilankacricket.lk වෙබ් අඩවියෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් ජූනි 8 වැනිදා සිට ද, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් ජූනි 26 වැනිදා සිට ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

කෙසේ වෙතත්, තරග පැවැත්වෙන දිනවලදී තරග පැවැත්වෙන ක්‍රීඩාංගනය තුළින් ප්‍රවේශ පත්‍ර මිලදී ගත නොහැකි බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත් ප්‍රවේශ පත්‍ර තරග පැවැත්වෙන දිනයට පෙර ඉහත සදහන් කළ ස්ථානවලින් ලබා ගත යුතුයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර රුපියල් 300, 1,500, 2,500, 4,000 හා 5,000 යන මිල ගණන් යටතේ මිලදී ගත හැකියි.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර රුපියල් 300, 2,000, 4,000, 5,000 හා 6,500 යන මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.

ගාලු ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍රවල මිල සටහන් කර ඇත්තේ රුපියල් 300, 500, 1,000, 5,000 හා 7,500 යන මිල ගණන් යටතේයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට 20යි 20 තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

20යි 20 තරගාවලිය ජූනි 7 වැනිදා ද, එක්දින තරගාවලිය ජූනි 14 වැනිදා ද, ටෙස්ට් තරගාවලිය ජූනි 29 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

තරග කාලසටහන –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...