බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්රිකට් කණ්ඩායමේ හා යොවුන් කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජික රම්නරේෂ් සර්වාන් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත ඔහු ධූරයෙන් ඉවත්ව ඇති බවයි කොදෙව් ක්රිකට් ආයතනය සදහන් කළේ.
පසුගිය ජනවාරි 6 වැනිදා සර්වාන් අදාළ ධූරයට පත් කිරීමට කටයුතු කෙරුණු අතර, 2024 වසරේ මැදභාගය දක්වා ඔහු තේරීම් කමිටුවේ කටයුතු කිරීමට නියමිතව සිටියා.
නව තේරීම් කමිටු සාමාජිකයෙකු ඔහු වෙනුවට පත් කරන තුරු අදාළ ධූරයේ වැඩබලන නිළධාරියා ලෙස යොවුන් කණ්ඩායමේ තේරීම් කමිටුවේ ප්රධානී ලෙස කටයුතු කරන Robert Haynes පත් කර තිබෙනවා.

