සුපර් ජයන්ට්ස් පරදා රෝයල් චැලෙන්ජර්ස් අවසන් වටයේ තෙවැනි තරගයට සුදුසුකම් ලබයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (Playoffs) තෙවැනි තරගය (QUALIFIER 2) සදහා සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් වටයේ දෙවැනි තරගයෙන් (ELIMINATOR) ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 14ක ජයක් වාර්තා කරමින්.

කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් මිනිත්තු 40කින් පමණ ප්‍රමාද වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 207ක් රැස් කිරීමට සමත් වුණා.

නායක ෆෆ් ඩු ප්ලෙසිස් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, විරාට් කෝලි ලකුණු 25කට දැවී ගියා. ග්ලේන් මැක්ස්වෙල් රැස් කළේ ලකුණූ 9ක් පමණයි. මහිපාල් ලොම්රෝර් ලකුණු 14යි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය රාජත් පටිදාර් සිය මංගල අයි.පී.එල් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 112ක් ලබා ගත්තා. පන්දු 54කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් හා හතරේ පහර 12ක් ඇතුළත් වුණා.

ඔහුට අනගි සහායක් ලබා දුන් දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 37(23)යි. ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 92(41)ක්.

පන්දු යැවීමේ දී මොහ්සින් ඛාන්, කෘනාල් පාන්ඩ්යා, අවේශ් ඛාන් හා රවී බිෂ්නෝයි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

දුෂ්මන්ත චමීර මෙම තරගයේ දී යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු ප්‍රමාණය 54ක්.

ලක්නව් පන්දු රකින්නන් අතින් උඩ පන්දු කිහිපයක් ගිලිහී යාම ද තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගතතේ ලකුණු 193ක් පමණයි.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 6කටත්, මනන් වොහ්රා ලකුණු 19කටත් දැවී ගියා. දීපක් හූදා පන්දු 26කින් ලකුණු 45ක් ලබා සිටියදී දැවී ගියේ වනිදු හසරංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.(දර්ශන පහතින් නරඹන්න)

මර්කස් ස්ටොයිනිස් ලකුණු 9කට දැවී ගිය අතර, කෘනාල් පාන්ඩ්යා පළමු පන්දුවෙන්ම දැවී ගියා. දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 11(4)යි. එවින් ලුවිස් නොදැවී ලකුණු 2ක් ලබා ගත්තා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නායක කේ.එල් රාහුල් පන්දු 58කින් ලකුණු 79ක් ලබා ගත් නමුත් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට තරම් එය ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගත්තා. වනිදු හසරංග, මොහොමඩ් සිරාජ් හා හර්ෂාල් පටෙල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙම තරගයේ දී වනිදු හසරංග විසින් සුවිෙශ්ෂී පන්දු රැකීම් ගණනාවක් තුළින් අවම වශයෙන් ලකුණු 15ක් පමණ සිය කණ්ඩායමට ආරක්ෂා කර දීම කැපී පෙණුනා.

මෙම තරගයෙන් ජය ගත් බැංගලෝර් කණ්ඩායම එළඹෙන 27 වැනිදා අහ්මදාබාද් හී දී පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව එළඹෙන 29 වැනිදා අහ්මදාබාද් හී දී රාත්‍රී 8ට ඇරඹෙන අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...