මැතිව්ස්ට පන්දුවෙන් දමා ගැසූ ටයිජුල්ට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

බංග්ලාදේශ දග පන්දු යවන ක්‍රීඩක ටයිජුල් ඉස්ලාම්ට දඩ නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද(25) දිනයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.9 වගන්තිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්.

“ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රීඩකයෙකු වෙත හෝ ඒ ආසන්නයට නුසුදුසු ලෙස හෝ අනතුරුදායක ලෙස පන්දුව විසි කිරීම” යන චෝදනාව ඔහුට එල්ල වුණා.

ඒ අනුව ටයිජුල් ඉස්ලාම්ට තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් පැනවීටයි තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් තීරණය කර ඇත්තේ.

ඔහු විසින් සිය වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණයක් සිදු වන්නේ නැහැ.

මෙම වරද හේතුවෙන් ටයිජුල් ඉස්ලාම්ගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ඇතුළත් කිරීමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා.

ටයිජුල් ඉස්ලාම් විසින් ශ්‍රී ලංකා ඉනිමේ 69 වැනි පන්දුවාරය යොමු කළ අතර, එහිදී පිතිකරණයේ නිරත වූ ඇන්ජෙලෝ මැතිව්ස් විසින් එල්ල කළ පහරකින් පසුව පන්දුව යළි ටයිජුල් වෙත ඇදී ආවා.

අනතුරුව පන්දුව රැක ගත් ඔහු යළිත් පෙරලා පන්දුව ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ශරීරයේ වදින ලෙස විසි කරනු ලැබුවා.

මැතිව්ස් සීමා ඉර තුළ රැදී සිටි අවස්ථාවක මෙන්ම ලකුණක් කරා දිව යාමට ද අදහස් නොකළ අවස්ථාවකයි මෙම පන්දු විසි කිරීම සිදු කරනු ලැබුවේ.

https://www.youtube.com/watch?v=IB1QCU8heYQ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...