දුනිත්ගෙන් කඩුලු 5ක්, අවිශ්කගෙන් හා නිපුන්ගෙන් ශතක ; තෙවැනි තරගයත් ජය පැරදුමෙන් තොරයි

Date:

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරය යටතේ සරේ කණ්ඩායමට එරෙහිව පැවැති සිව්දින ක්‍රිකට් තරගය අද(23) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගයේ සිව්වැනි හා අවසන් දිනය වූ අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා නැගී එන පිල කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 290ක්.

අවිශ්ක තරිදු පන්දු 108කින් ලකුණු 103ක් නොදැවී රැස් කළා. හයේ පහරක් හා හතරේ පහර 14ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නැවතත් පිත්තෙන් සාර්ථක ඉනිමක් දියත් කළ නායක නිපුන් ධනංජය ලකුණු 81ක් ලබා ගත්තා. ලසිත් කෘස්පුල්ලේ ලකුණු 49යි.

පන්දු යැවීමේ දී Brett Hutton හා Gus Atkinson කඩුලු 2 බැගින් දවා ගත්තා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සරේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 482ක් ලබා සිටියා. ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 556ක්.

ආරම්භක පිතිකරුවන් වන Ben Geddes ලකුණු 104ක් ද, Ryan Patel ලකුණු 126ක් ද වාර්තා කරමින් සරේ කණ්ඩායමට ප්‍රබල ආරම්භක් ගෙන දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 227ක දැවැන්ත සබදතාවයක් ගොඩ නගමින්. Gus Atkinson ලකුණු 91යි.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 143කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා. නුවනිදු ප්‍රනාන්දු හා අම්ශි ද සිල්වා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

සරේ හි Guildford ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සරේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 372ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

නායක නිපුන් ධනංජය නොදැවී ලකුණු 150යි. අවිශ්ක තරිදු ලකුණු 48ක් ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 46ක් ද වාර්තා කළා.

පන්දු යැවීමේ දී Tom Lawes ලකුණු 34කට කඩුලු 3ක් හා Amar Virdi ලකුණු 67ක කඩුලු 3ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරය යටතේ මීට පෙර පැවැති සිව්දින තරග දෙක ද අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

අවසන් දිනයේ විශේෂ අවස්ථා පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...