බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය අද(23) ප්‍රකාශයට පත් කෙරුණා.
බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලිය ක්‍රීඩා නොකළ දග පන්දු යවන ක්‍රීඩක ශඩාබ් ඛාන් මෙම සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නවාස් ද සංචිතයට නම් කර තිබෙනවා.
නිමා වූ ඔස්ට්‍රේලියානු තරගාවලිය සදහා නම් කෙරුණු සංචිතයට ඇතුළත්ව සිටි අසිෆ් අෆ්රිඩි, අසිෆ් අලී, හෙයිදර් අලී, උස්මාන් කාදීර් හා සවුද් ශකීල් යන ක්‍රීඩකයින් මෙම සංචිතයට නම් කර නැහැ.
සවුද් ශකීල් ශල්‍යකර්මයකට ද ලක්වීමට නියමිතව ඇති බව සදහන්.
දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය ජූනි 8, 10 හා 12 යන දිනවලදී පාකිස්තානයේ පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
Squad:
Babar Azam (c), Shadab Khan (vc), Abdullah Shafique, Fakhar Zaman, Haris Rauf, Hasan Ali, Iftikhar Ahmed, Imam-ul-Haq, Khushdil Shah, Mohammad Haris (wk), Mohammad Nawaz, Mohammad Rizwan (wk), Mohammad Wasim Junior, Shaheen Shah Afridi, Shahnawaz Dahani and Zahid Mahmood.

