Watch : රාජිත පිට පිට කඩුලු දෙකක් දවා ගත් අයුරු ; ශකිබ් පළමු පන්දුවෙන්ම දැවී යයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මේ වන විට ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට කසුන් රාජිත හා අසිත ප්‍රනාන්දු අවස්ථාව ලබා දුන්නේ නැහැ.

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 24ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ආරම්භක පිතිකරුවන් වූ මහ්මුදුල් හසාන් ජෝයි හා ටමිම් ඉක්බාල් ලකුණු නොලබා දැවී ගියා.

නායක මොමිනුල් හක් ලකුණු 9කට දැවී ගියා. නජ්මුල් හොසේන් ශන්ටෝ ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි.

ශකිබ් අල් හසාන් පළමු පන්දුවෙන්ම දැවී යාම ද විශේෂත්වයක්.

නජ්මුල්ගේ කඩුල්ල හා ශකිබ්ගේ කඩුල්ල පිට පිට පන්දු දෙකකදී දවා ගත්තේ කසුන් රාජිතයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...