Watch : තරගයේ දෙවැනි පන්දුවෙන්ම හසාන් දැවී ගිය හැටි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(23) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට කසුන් රාජිත අවස්ථාව ලබා දුන්නේ නැහැ.

තරගයේ දෙවැනි පන්දුවෙන්ම ඔහු විසින් මහ්මුදුල් හසාන් ජෝයිගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඒ වන විට බංග්ලාදේශය කිසිදු ලකුණක් ලබා සිටියේ නැහැ.

රාජිත යොමු කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි මහ්මුදුල් හසාන් ජෝයිට යළි ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු වුණේ. (එහි දර්ශන පහතින් නරඹන්න)

පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම හා සැසදීමේ දී අද තරගය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායම සදහා එක් ප්‍රධාන වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

පළමු තරගයේ පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවක් හිස් ආවරණයේ වැදී කම්පන තත්ත්වයකට ගොදුරු වූ වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගය සදහා ද නම් කර නැහැ. ඔහු වෙනුවට පළමු තරගය අතරතුර දී කණ්ඩායමට ආදේශ කෙරුණු කසුන් රාජිත දෙවැනි ටෙස්ට් තරගය සදහා ද නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, බංග්ලාදේශ කණ්ඩායමේ ද වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පළමු තරගයේ දී ආබාධයකට ලක් වූ නයීම් හසාන් හා ශොරිෆුල් ඉස්ලාම් වෙනුවට මොසඩැක් හොසේන් හා එබඩොට් හොසේන් කණ්ඩායමට කැදවීමටයි තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...