ශ්‍රී ලංකාවට හිසරදයක් වූ පන්දු යවන්නාට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන ලකුණු

Date:

බංග්ලාදේශ දග පන්දු යවන ක්‍රීඩක නයීම් හසාන්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඊයේ(19) නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී ඔහුගේ දකුණු අතෙහි ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන්.

වෛද්‍ය පරීක්ෂණයකට ද ඔහු මුහුණ දී තිබූ අතර, එහිදී අනාවරණය වී තිබුණේ එම ඇගිල්ලෙහි බිදී යාමක් සිදුව ඇති බවයි.

ඒ අනුව ඔහුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වනු ඇති බව බංග්ලාදේශ තේරීම් කමිටු සාමාජික හබිබුල් බෂා ද ක්‍රික්බස් වෙබ් අඩවියට තහවුරු කර තිබුණා.

නයීම් හසාන් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී කඩුලු 6ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩපන කිරීමට සුවිශේෂී දායකත්වයක් දක්වනු ලැබුවා.

ටස්කින් අහ්මඩ් හා මෙහිදි හසාන් යන ක්‍රීඩකයින්ට ද ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ආබාධවලට ලක්වීම හේතුවෙන් අහිමි වුණා.

එමෙන්ම පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ශොරිෆුල් ඉස්ලාම්ට ද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...