එංගලන්ත සුදු පන්දුවේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු පත් කෙරේ

Date:

එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික මැතිව් මොට් පත්කර තිබෙනවා.

වසර හතරක කාලයක් සඳහා ඔහු සමඟ ගිවිසුම්ගත වූ බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(18) නිවේදනය කළේ.

48 හැවිරිදි ඔහු 2016 වසරේ සිට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අළුබදුන තරගාවලිය සිව්වරක් ද, පන්දුවාර 20යි 20 ලෝක කුසලානය දෙවරක් ද, එක්දින ලෝක කුසලානය එක් වරක් ද ජයග්‍රහණය කළා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට අඛණ්ඩව එක්දින තරග 26ක් ජයග්‍රහනය කිරීම සදහා ද ඔහු මග පෙන් වූ අතර, පිරිමි හෝ කාන්තා අංශයෙන් එවැනි දක්ෂතාවයක් දැක් වූ එකම කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් පත් කිරීමට ද පසුගියදා පියවර ගැනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...