IPL තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා T 20 තරගාවලියේ සංචිත නිවේදනය කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 අභියෝගතා (Women’s T20 Challenge) තරගාවලියේ සංචිත ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් අද(16) නිවේදනය කළා.

මෙවර තරගාවලියටත් කණ්ඩායම් 3ක් ක්‍රීඩා කරන අතර, එම කණ්ඩායම්වල සංචිතයක් සදහා ඇතුළත් ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 16ක්.

ඒ අනුව Supernovas, Trailblazers හා Velocity යන කණ්ඩායම්වල නායිකාවන් ලෙස පිළිවෙලින් පත් කර ඇත්තේ Harmanpreet Kaur, Smriti Mandhana හා Deepti Sharma යන ක්‍රීඩිකාවන්.

දකුණු අප්‍රිකානු, එංගලන්ත, බටහිර ඉන්දීය කොදෙව් හා ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ද මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළා.

තරගාවලියට එක්වන සමස්ත විදෙස් ක්‍රීඩිකාවන් ගණන 12ක්.

මීට පෙර මෙම තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙවර තරගාවලිය සදහා ඇතුළත්ව නැහැ.

Women’s T20 Challenge තරගාවලිය මැයි 23 වැනිදා සිට 28 වැනිදා දක්වා පූනේ හී දී පැවැත්වීමට නියමිතයි.

සංචිත හා කාලසටහන –

BCCI
BCCI

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...