මතීෂ පතිරණ IPL වරම් දිනූ තරගයේ දී ම වාර්තා පොත් අලුත් කරයි

Date:

ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගනිමින් ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඊයේ(15) ඉන්දීය ප්‍රිමියර් ලීග් වරම් දිනූ පුවත අප ඔබට මීට පෙර වාර්තා කළා.

මෙවර අයි.පී.එල් තරගාවලිය ආරම්භයේ දී “බේබි AB” හෙවත් දකුණු අප්‍රිකාවේ ඩිවෝල්ඩ් බ්‍රේවිස්ගේ දක්ෂතා දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වූ අතර, තරගාවලියේ අවසන් අදියරේ දී “පොඩි මාලිංග” නමින් ප්‍රසිද්ධ මතීෂ පතිරණගේ දක්ෂතා දැක බලා ගැනීමේ අවස්ථාව මේ වන විට ප්‍රේක්ෂකයින්ට උදා වී තිබෙනවා.

මාර්තු 26 වැනිදා මෙවර අයි.පී.එල් තරගාවලිය ආරම්භ වන අවස්ථාවේ දී මතීෂ පතිරණ කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගෙන නොතිබුණ ද, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඔහු සමග ගිවිසුම් ගත වූ බව අප්‍රේල් 21 වැනිදා නිවේදනය කළා.

චෙන්නායි කණ්ඩායමේ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න් ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහු වෙනුවටයි මතීෂ පතිරණ එම කණ්ඩායම සදහා නම් කෙරුණේ.

මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලකටයි.

අයි.පී.එල් වරම් දිනූ තරගයේ ඔහු යොමු කළ පළමු පන්දුවේ දී ම කඩුල්ලක් දවා ගැනීමට මතීෂ පතිරණ සමත් වීමත් සමග මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය ඔහු වෙත යොමුව ඇති බව නොරහසක්.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල්ගේ කඩුල්ල ඔහු එලෙස පළමු පන්දුවෙන්ම දවා ගත් අතර, අනතුරුව මතීෂ පතිරණ යොමු කළ දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන් හර්ඩික් පාන්ඩ්යාගේ කඩුල්ල ද දවා ගැනීමට ඔහු සමත් වුණා.

මෙම තරගයේ දී මතීෂ පතිරණ යොමු කළ පන්දුවාර 3.1 තුළ ඔහු කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 24ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

මේ අතර, මතීෂ මෙම තරගයේ දී අයි.පී.එල් වාර්තාපොත් තුළට ඇතුළත් වීමට සමත් වීම ද විශේෂත්වයක්.

ඒ, ක්‍රීඩකයෙකු අයි.පී.එල් වරම් දිනූ තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් ඉතිහාසයේ 9 වැනි ක්‍රීඩකයා බවට පත් වෙමින්.

අයි.පී.එල් ඉතිහාසයේ දී පළමු පන්දුවෙන්ම කඩුලු දවා ගත් ක්‍රීඩකයින් –

  1. Ishant Sharma (Bowler) – KKR vs RCB – Rahul Dravid (Batter) – 2008
  2. Wilkin Mota – PBKS vs CSK – Suresh Raina – 2008
  3. Shane Harwood – RR vs DC – Azhar Bilakhia – 2009
  4. Amit singh – RR vs PBKS – Sunny Sohal – 2009
  5. Charl Langeveldt – KKR vs RR – Rob Quiney – 2009
  6. Ali Murtaza – MI vs RR – Naman Ojha – 2010
  7. TP Sudhindra – DC vs CSK – Faf Du Plessis – 2012
  8. Alzarri Joseph – MI vs SRH – David Warner – 2019
  9. Matheesha Pathirana – CSK vs GT – Shubman Gill- 2022

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...