රසල්ගේ නොදැවුණු 49 හා කඩුලු 3 කොල්කටා බලාපොරොත්තු තවදුරටත් රදවා ගනියි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 61 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ලකුණු 54කින් පරාජයට පත් කරමින් ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.

පූනේ හී දී පැවැති තරගයෙන් ජය ගැනීමත් සමග කොල්කටා කණ්ඩායමට තරග 13කදී මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක්.

5 වැනි ස්ථානයේ රැදී සිටින දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට මෙන්ම 7 වැනි ස්ථානයේ රැදී සිටින පංජාබ් කිංග්ස් කණ්ඩායමට ද ප්‍රසාද ලකුණු 12 බැගින් හිමිව තිබෙනවා.

කෙසේ වෙතත්, දිල්ලි හා පංජාබ් යන කණ්ඩායම් දෙකම ක්‍රීඩා කර ඇත්තේ තරග 12 බැගින් පමණයි.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි කොල්කටා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 177ක් ලබා ගනිමින්.

සෑම් බිලින්ග්ස් ලකුණු 34(29)ක්, අජින්කෙයා රහානේ ලකුණු 28(24)ක් හා නිටිෂ් රානා ලකුණු 26(16)ක් රැස් කළා.

ඉනිමට වේගවත් අවසානයක් ලබා දෙමින් සිය කණ්ඩායම අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය අන්ඩ්‍රි රසල් පන්දු 28කින් වේගවත් ලකුණු 49ක් නොදැවී ලබා ගත්තා. හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී උම්රාන් මලික් ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123ක් පමණයි.

අභිෂේක් ෂර්මා ලකුණු 43(28)ක් ද, ඒඩ්න් මාක්‍රම් ලකුණු 32(25)ක් ද, ශශාන්ක් සිං ලකුණු 11ක් ද ලබා ගත්තා. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී අන්ඩ්‍රි රසල් ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තා. ටිම් සවුති ලකුණු 23කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 18ක් ද, දෙවැනි ස්ථානයේ පසුවන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 16ක් ද, තෙවැනි ස්ථානයේ පසුවන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් ද හිමි කර ගෙන සිටිනවා.

එම කණ්ඩායම් තුනම තරග 12 බැගින් ක්‍රීඩා කර ඇති අතර, මේ වන විට තරග 13ක් ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 14ක් ලබා ගෙන ඇති රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...