අර්බුදය මැද ශ්‍රී ලංකා සංචාරය ගැන පාකිස්තානය තීරණයක් ගනියි

Date:

ශ්‍රී ලංකාව තුළ අර්බුදකාරී වාතාවරණයක් පැවතිය ද එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා සිය කණ්ඩායම සහභාගී වන බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහතික වී තිබෙනවා.

ජූලි – අගෝස්තු මාසවලදී පාකිස්තාන කණ්ඩායම මෙරට තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීම සදහායි.

මීට පෙර එම සංචාරයට තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ද ඇතුළත්ව තිබූ නමුත්, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය බැවින් අදාළ එක්දින තරගාවලිය අවලංගු කිරීමට තීරණය කෙරුණා.

“දුෂ්කර කාලවලදී පවා ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා සහාය වීමට අපි සැමවිටම සූදානම්. ටෙස්ට් තරගාවලිය සදහා සංචාරය කිරීම ගැන අපිට කිසිම ගැටලුවක් නැහැ” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු සදහන් කළා.

පාකිස්තාන කණ්ඩායමට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ද මෙරට තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, ඉදිරි දිනවලදී රට තුළ පවතින තත්ත්වය සලකා බලා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අදාළ සංචාරය සදහා එක්වීම පිළිබද අවසන් තීන්දු තීරණ ගනු ඇති.

කෙසේ වෙතත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ සිය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන් තීරණය ගත යුතු බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා තීරණය අනුව ඊට සහාය දැක්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...