නුවනිදු, සන්තුෂ් හා වෙල්ලාලගේගෙන් හැම්ප්ෂයර් ප්‍රාන්තයට එරෙහිව සටන්කාමී ඉනිම්

Date:

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා බ්‍රිතාන්‍යයේ හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනය සිකුරාදා(13) අවසන් වුණේ දිනයේ වැඩි ගෞරව කණ්ඩායම් දෙකටම හිමි කර දෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 281ක්.

ආරම්භක පිතිකරුවන් වූ නායක නිපුන් ධනංජය ලකුණු දෙකකටත්, ලසිත් කෘස්පුල්ලේ ලකුණු නොලබාත් දැවී ගියා. නිශාන් මදුෂ්ක ලකුණු 16යි.

නුවනිදු ප්‍රනාන්දු ලකුණු 52ක් ද, සන්තුෂ් ගුණතිලක ලකුණු 53ක් ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 44ක් ද ලබා ගනිමින් බිද වැටුණු ශ්‍රී ලංකා නැගී එන ඉනිම ශක්තිමත් කළා.

දිලුම් සුධීර ලකුණු 33ක් රැස් කර සිටියදී දැවී ගියා. ධනංජය ලක්ෂාන් හා අශේන් ඩැනියල් ලකුණු 21 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී John Turner ලකුණු 31කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා. Harry Petrie කඩුලු 3ක් ද, Dominic Kelly කඩුලු 2ක් ද බිද හෙලුවා.

අනතුරුව පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ සිව්වැනි පන්දුවෙන්ම බිද වැටුණා. ඒ, වන විට ඔවුන් කිසිදු ලකුණක් වාර්තා කර තිබුණේ ද නැහැ.

දිලුම් සුධීර විසින් එම කඩුල්ල දවා ගත් අතර, අනතුරුව පළමු දිනය සදහා තරගය නිමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

මෙම තරගය සවුත්හැම්ටන් හී දී පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...