ජොනීගේ හා ලිවින්ග්ස්ටන්ගේ සුපිරි ප්‍රහාරය වනිදුගේ දක්ෂතා අපතේ යවයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම තවදුරටත් තීව්‍ර කරමින් අවසන් වටයට සුදුසුකම් ලැබීමේ සිය බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(13) සමත් වුණා. ඒ, මෙවර තරගාවලියේ 60 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා ලකුණු 54ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

මේ වන විට තරග 12කදී ප්‍රසාද ලකුණු 12ක් ලබා ගෙන ඇති පංජාබ් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැදී සිටින අතර, මෙම තරගයෙන් පරාජයට පත් වූ බැංගලෝර් කණ්ඩායම තරග 13කදී ප්‍රසාද ලකුණු 14ක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

පස්වැනි ස්ථානයේ පසුවන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු ප්‍රමාණයත්, පංජාබ් පිලේ ප්‍රසාද ලකුණු ප්‍රමාණයත් සම මට්ටමක පවතින නමුත්, දල ලකුණු ලබා ගැනීමේ වේගය මත දිල්ලි කණ්ඩායම පංජාබ් කණ්ඩායමට වඩා තරමක් ඉදිරියෙන් පසුවනවා.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පිටියට පිවිසි පංජාබ් පිතිකරුවන් එම තීරණයට ප්‍රබල පිළිතුරක් ලබා දෙමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 209ක් රැස් කිරීමට සමත් වුණා.

බැංගලෝර් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ පංජාබ් පිතිකරුවන් පවර්ප්ලේ අවස්ථාව හෙවත් පළමු පන්දුවාර 6 නිමා කළේ එක් කඩුල්ලක් දැවී ලකුණු 83 ක් ලබා ගනිමින්.

ශිකර් ධවාන් ලකුණු 21කට දැවී ගියා. ජොනී බෙයාර්ස්ටව් මෙවර තරග වාරයේ දී වාර්තා කළ සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට අද සමත් වුණා. ඒ, පන්දු 21ක් පමණක් වැය කරමින්. ඔහු දැවී ගියේ ලකුණු 66(29)ක් ලබා සිටියදීයි. හයේ පහර 7ක් හා හතරේ පහර 4ක් බෙයාර්ස්ටව්ගේ ඉනිම වර්ණවත් කළා.

භානුක රාජපක්ෂ මෙම තරගයේ දී එක් ලකුණක් ලබා සිටියදී වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

පංජාබ් ඉනිමට වේගවත් අවසානයක් ගෙන එමින් බෙයාර්ස්ටව්ගේ සුපිරි ආරම්භයට සාධාරණයක් ඉටු කළ ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 42කින් ලකුණු 70ක් වාර්තා කළා. හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

BCCI

පන්දු යැවීමේ දී හර්ෂාල් පටෙල් ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත්තා. සියලු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වෙද්දී වනිදු හසරංග සුවිශේෂී පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 15කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 155ක් පමණයි.

ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 35(22)කටත්, රාජත් පටිදර් ලකුණු 26(21)කටත්, විරාට් කෝලි ලකුණු 20(14)කටත් දැවී ගියා. දිනේෂ් කාර්තික් හා හර්ෂාල් පටෙල් ලකුණු 11 බැගින් ලබා සිටියදී දැවී ගියා. ආරම්භක පිතිකරු නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලබා ගත්තේ ලකුණු 10ක් පමණයි.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත් අතර, රිෂී ධවාන් හා රාහුල් චහාර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

බැංගලෝර් ඉනිමේ දී වනිදු හසරංග එක් ලකුණකට දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...