Watch : වනිදුගේ සුපිරි පන්දුවක් හමුවේ භානුක දැවී ගිය හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 60 වැනි තරඟය අද(13) රාත්‍රියේදී මුම්බායි හි Brabourne ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කිංග්ස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි පංජාබ් කිංග්ස් පිතිකරුවන් බැංගලෝර් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් පවර්ප්ලේ අවස්ථාව නිමා කළේ එක් කඩුල්ලක් දැවී ලකුණු 83 ක් ලබා ගනිමින්.

ශිකර් ධවාන් ලකුණු 21කට දැවී ගියා. ජොනී බෙයාර්ස්ටව් මෙවර තරග වාරයේ දී වාර්තා කළ සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට අද සමත් වුණා. ඒ, පන්දු 21ක් පමණක් වැය කරමින්. ඔහු දැවී ගියේ ලකුණු 66(29)ක් ලබා සිටියදීයි. හයේ පහර 7ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ධවාන්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි භානුක රාජපක්ෂට මෙම තරගයේ දී සාර්ථක වීමට අවස්ථාවක් උදා වූයේ නැහැ.

ඒ, වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යාම හේතුවෙන්.

දැවී යන විට භානුක රාජපක්ෂ පන්දු තුනක දී ලබා ගෙන තිබුණේ එක් ලකුණක් පමණයි.

මෙම කඩුල්ල වනිදු හසරංග විසින් මෙවර තරග වාරයේ දී දවා ගත් 22 වැනි කඩුල්ල වීම ද විශේෂත්වයක්.

එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...