ශකිබ් කොරෝනාවෙන් සුව වෙයි ; පළමු ටෙස්ට් තරගයටත් සූදානම්

Date:

කොවිඩ් 19 ආසාදනය වී සිටි බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට ශ්‍රී ලංකාව සමග ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඔහුගේ ශරීරය තුළ මේ වන විට වෛරසය නොමැති බවට සිදු කෙරුණු නවතම කොවිඩ් 19 පරීක්ෂණකින් අනාවරණය වීම හේතුවෙන්.

පසුගිය අගහරුවාදා ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරු වුණා.

පසුගිය බදාදා දිනයේ දී ශකිබ් අල් හසාන් එරට ටෙස්ට් කණ්ඩායම සමග එක්වීමට නියමිතව තිබූ අතර, ඊට පෙර සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදීයි ඒ බව අනාවරණය වුණේ.

ඒ හේතුවෙන් ඔහුට දෙරට අතර එළඹෙන 15 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට ද ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ප්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත්, ඔහුගේ ශරීරය තුළ මේ වන විට වෛරසය නොමැති බවට හදුනා ගෙන ඇති බැවින් ඔහු අද(13) දිනයේ දී චිංගොං වෙත පිටත්ව යාමට නියමිතයි.

එහිදී ශකිබ් අල් හසාන් වැඩිදුර වෛද්‍ය හා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සදහා මුහුණ දෙන අතර, එම පරීක්ෂණවල ප්‍රතිවල අනුව ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ඔහුගේ සහභාගීත්වය තීරණය වනු ඇති.

ශකිබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී පාකිස්තානයට එරෙහිවයි.

නිමා වූ නවසීලන්ත ටෙස්ට් තරගාවලිය පෞද්ගලික හේතුවත් මත ද, නිමා වූ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය පවුලේ සාමාජිකයින්ගේ අසනීප තත්ත්වයක් මත ද ක්‍රීඩා කිරීමට ශකිබ්ට හැකි වූයේ නැහැ.

දූෂණ චෝදනාවකට වරදකරු වී වසරක තරග තහනමකට ලක් වූ ඔහු යළි ජාත්‍යන්තර පිටියට පැමිණිමෙන් අනතුරුව බංග්ලාදේශය අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 11න් ශකිබ් ක්‍රීඩා කර ඇත්තේ තරග 3ක් සදහා පමණයි.

නිමා වූ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ ටෙස්ට් තරග දෙකේම දෙවැනි ඉනිමේ දී බංග්ලාදේශය පිතිකරණයෙන් දැඩි අසාර්ථකත්වයක් පෙන්නුම් කළා.

ඔවුන් එම තරග දෙකේ දෙවැනි ඉනිමේ දී පිළිවෙලින් රැස් කළේ ලකුණු 53 ක් හා 80 ක් පමණයි.

ඒ හේතුවෙන් ශකිබ් අල් හසාන්ගේ අත්දැකීම් බංග්ලාදේශ මැද පෙල ශක්තිමත් කිරීම සදහා මෙම අවස්ථාවේ දී ඉතා වැදගත් බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙහිදි හසාන් මිරාස් හා ටස්කින් අහ්මඩ් යන ක්‍රීඩකයින්ට මේ වන විටත් සංචිතයේ ස්ථාන අහිමි වී ඇති අතර, ශොරිෆුල් ඉස්ලාම්ගේ සහභාගීත්වය ද තීරණය වන්නේ තරගයට පෙර සිදු කරන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් පසුවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...