ලසිත් හා නුවනිදුගේ සුපිරි ඉනිම් හා මදුෂ්කගේ ද්විත්ව ශතකය කෙන්ට් අසරණ කරයි

Date:

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ඉරිදා ( 8 ) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට හිමි කර දෙමින්.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 201ක් රැස් කර ගෙන සිටි අතර, දිනය නිමා වන විට ඔවුන් කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 573ක්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නිශාන් මදුෂ්ක ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 269කට දැවී ගියා. පන්දු 392කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 37ක් ඇතුළත්.

ලසිත් කෘස්පුල්ලේ ලකුණු 136(179)ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 294 ක්.

අනතුරු පිටියට පිවිසි නුවනිදු ප්‍රනාන්දු ලකුණු 99ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ධනංජය ලක්ෂාන් ලකුණු 24යි. අශේන් බණ්ඩාර රැස් කළේ ලකුණු 9ක් පමණයි.

පන්දු යැවීමේ දී ජෝර්ජ් ලින්ඩේ ලකුණු 106කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කෙන්ට් කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 595ක් ලබා සිටියදීයි. Darren Stevens(168), George Linde(107) හා Billy Mead(106*) ශතක වාර්තා කරමින් කෙන්ට් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී උදිත් මදුෂාන්, යසිරු රොද්‍රිගෝ හා ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් දවා ගත්තා. නිපුන් මාලිංග හා අෂේන් බණ්ඩාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 22ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...