කොන්වේගේ හා මොයීන්ගේ දක්ෂතා සුපර් කිංග්ස් කණ්ඩායම 7 වැනි තැනට ගෙන යයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 55 වැනි තරගයෙන් ලකුණු 91ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(8) සමත් වුණා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ දරුණු පරාජයට ලක් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට ලබා දුන්නා.

එම තීරණයට ප්‍රබල පිළිතුරක් ලබා දුන් චෙන්නායි සුපර් කිංග්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 208ක් රැස් කළා.

ආරම්භක කඩුල්ල සදහා යළිත් සාර්ථක සබදතාවයක් ගොඩ නැගූ රුටුරාජ් ගයික්වඩ් හා ඩෙවෝන් කොන්වේ පන්දුවාර 11කින් පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 110ක්.

ගයික්වඩ් ලකුණු 41(33)කටත්, කොන්වේ ලකුණු 87(49)කටත් දැවී ගියා. කොන්වේගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 7ක් ඇතුළත්.

ශිවම් දූබේ පන්දු 19කින් ලකුණු 32ක් ද, මහේන්ද්‍ර සිං දෝනි පන්දු 8කින් නොදැවී ලකුණු 21ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා ලකුණු 42කට කඩුලු 3ක් දවා ගත්තා. කලීල් අහ්මඩ් ලකුණු 28කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් ක්‍රීඩකයින්ට පන්දුවාර 17.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 117ක් පමණයි.

මිචෙල් මාෂ් ලකුණු 25කටත්, ශර්දුල් තාකූර් ලකුණු 24කටත්, රිෂාබ් පාන්ට් ලකුණු 21කටත්, ඩේවිඩ් වෝනර් ලකුණු 19කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී මොයීන් අලී සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 13ක් ලබා දී කඩුලු 3ක් දවා ගත්තා.

මුකේෂ් චෞද්‍රි, සිමර්ජීට් සිං හා ඩ්වේයන් බ්‍රාවෝ කඩුලු 2 බැගින් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ ලකුණු 29කට එක් කඩුල්ලක් දවා ගත්තා.

මෙම ජයත් සමග චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණා.

ඔවුන් මේ දක්වා ක්‍රීඩා කළ තරග 11න් ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 4ක්.

ක්‍රීඩා කළ තරග 11න් තරග 5ක් ජය ගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...