කැපිටල්ස් කණ්ඩායම යළි හුදෙකලා කෙරේ ; අද තරගයත් අවධානමක

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට සම්බන්ධ සියලු සාමාජිකයන් යළි හුදෙකලා කිරීමකට ලක්කර තිබෙනවා.

ඒ, එම සංචිතයේ දැල් පන්දු යවන්නෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති බැවින්.

කැපිටල්ස් කණ්ඩායම මෙවර තරඟ වාරයේදී ක්‍රීඩා කරන 11 වැනි තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අද(8) පැවැත්වීමට නියමිතව ඇති පසුබිමකයි මෙලෙස එම සංචිතයේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ.

මේ වන විට දිල්ලි කැපිටල්ස් සංචිතයට සම්බන්ධ සියලු සාමාජිකයන් ඔවුන්ගේ හෝටල් කාමර තුළ රඳවා ඇති අතර, ඔවුන් සියලු දෙනා අද පෙරවරුවේ දී යළිත්වරක් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර ඇති බව සඳහන්.

එම වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල අනුව අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිත කැපිටල් සහ සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගය පිළිබද අවසන් තීන්දු තීරණ ගනු ඇති.

මේ සම්බන්ධයෙන් මෙතෙක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංවිධායකයින් විසින් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

බොහෝ විට අද තරගය ගැටලුවකින් තොරව පැවැත්වීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඊයේ(7) දිනයේ දී චෙන්නායි හා දිල්ලි කණ්ඩායම්වල ක්‍රීඩකයින් පුහුණුවීම් සිදු කර ඇත්තේ ද එකම ක්‍රීඩාංගනයේ දී එකම අවස්ථාවේ දී යි.

කෙසේ වෙතත්, චෙන්නායි ක්‍රීඩකයින්ට තවමත් නව කොවිඩ් 19 පරීක්ෂණවලට මුහුණ දෙන ලෙසට ප්‍රකාශ කර නැහැ.

මීට පෙර ද දිල්ලි සංචිතයට සම්බන්ධ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළු සාමාජිකයන් 6 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබුණා.

ඒ හේතුවෙන් පූනේ හී දී පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකක් මුම්බායි හී දී පැවැත්වීමට ද තරඟාවලියේ සංවිධායකයන්ට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...