Watch : භානුක එල්ල කළ සුපිරි හයේ පහර දෙක

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 52 වන තරගය අද(7) පස්වරුවේදී මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තා.

ජොනී බෙයාර්ස්ටව් පන්දු 40 කින් ලකුණු 56ක් රැස් කළා.

එය ඔහු මෙවර තරඟාවලියේදී වාර්තා කළ පළමු අර්ධ ශතකයයි.

භානුක රාජපක්ෂ පන්දු 18කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 27ක්.

හයේ පහර දෙකකින් සහ හතරේ පහර 2කින් ඔහුගේ කෙටි ඉනිම වර්ණවත් වුණා.

ජිටේෂ් ෂර්මා නොදැවී ලකුණු 38ක් ලබා ගත්තේ පන්දු 18ක් පමණක් වැය කරමින්.

භානුක රාජපක්ෂ එල්ල කළ හයේ පහර දෙක පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...