වෝනර් හා පවෙල්ගේ ප්‍රහාරය පූරාන්ගේ හුදෙකලා සටන අපතේ යවයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 50 වැනි තරඟයෙන් ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(5) සමත් වුණා.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගණයේ පැවති තරඟයෙන් ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි

තරගයේ කාසියේ වාසිය සන්රයිසස් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් විසින් හිමි කර ගත් අතර, ඔහු පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි කැපිටල්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 207ක් ලබා ගත්තා.

ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී දවා ගැනීමට බුවනේෂ්වර් කුමාර් සමත් වුණා. ඒ, මන්දීප් සිං ලකුණු නොලබා සිටිය දී දවා ගනිමින්.

ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු 37 දී බිඳ වැටුණේ ෂෝන් ඇබෝට්ගේ පන්දුවක් හමුවේ මිචෙල් මාෂ් ලකුණු 10 කට දැවී යාමත් සමගයි. නායක රිෂාබ් පාන්ට් ලකුණු 26 යි.

අනතුරුව සිවුවැනි කඩුල්ල සඳහා ඩේවිඩ් වෝනර් සහ රොව්මන් පවෙල් අතර පන්දු 66 කින් ගොඩනැඟුණු නොබිදුණු සබඳතාවය ලකුණු 122ක්.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී වාර්තා කළ සිය සිව්වන අර්ධ ශතකය වාර්තා කළ වෝනර් පන්දු 58කින් නොදැවී ලකුණු 92ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර 12 ක් ඇතුළත්.

පවෙල් පන්දු 35ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 67ක් නොදැවී වාර්තා කළා. ඔහුගේ එම ඉනිම හයේ පහර 6කින් හා හතරේ පහර 3කින් වර්ණවත් වුණා.

පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර්, ශෝන් ඇබෝට් සහ ෂ්රෙයස් ගෝපාල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 42(25)ක් රැස් කළා. හුදෙකලා සටනක නිරත වූ නිකලස් පූරාන් පන්දු 34ක් පමණක් වැය කර වේගවත් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ, හයේ පහර 6ක් හා හතරේ පහර 2ක් සමගින්.

පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත්තා.

මේ වන විට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේත්, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම 6 වැනි ස්ථානයේත් පසුවනවා.

එම කණ්ඩායම් දෙකම තරග 10 බැගින් ක්‍රීඩා කර තරග 5 බැගින් ජය ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...