ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයාට තර්ජනය කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මාධ්‍යවේදී Boria Majumdar හට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා.

ඒ, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ව්රිධිමන් සහාව තර්ජනය කර බිය ගැන්වීමේ සිද්ධිය පදනම් කර ගනිමින්.

සම්මුඛ සාකච්ඡාවක් ලබා නොදීම නිසා මාධ්‍යවේදියෙකු තමාට බලපෑම් කළ බව ව්රිධිමන් සහා මීට පෙර චෝදනා එල්ල කර තිබුණා.

අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ත්‍රිපුද්ගල කමිටුවට ඔහු  විසින් සියලු තොරතුරු ලබා දී තිබූ අතර, ඒ අනුව සිදු කළ විමර්ශනයකින් පසුවයි එම මාධ්‍යවේදියාට වසර දෙකක තහනමක් පනවා ඇත්තේ.

මෙම තහනම අනුව මාධ්‍යවේදී Boria Majumdar හට වසර දෙකක කාලයක් යන තුරු ක්‍රිකට් තරග සදහා සම්බන්ධ වීමට මාධ්‍ය අවසරපත් ලබා ගැනීම, ලියාපදිංචි ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග හෝ ප්‍රාන්ත ක්‍රිකට් සංගම් සමග සම්බන්ධතා පැවැත්වීමට නොහැකි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...