Watch : ඕස්ට්‍රේලියා තරගය සිහිපත් කරමින් තීක්ෂණ එල්ල කළ සුපිරි හයේ පහර

Date:

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 49 වන තරගය ඊයේ ( 04 ) දිනයේ නිමාවට පත් වුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අවසන් වටයට ( PlayOffs ) පිවිසීමේ අවස්ථාව තවදුරටත් සිහිනයක් බවට පත් කරමින්.

චෙන්නායි කණ්ඩායම හමුවේ ලකුණු 13 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට මෙම තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට අවස්ථාව උදා කරගත්තා.

මෙම තරගයේදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට චෙන්නායි කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂී තීක්ෂණ සමත්වුණත්, අවාසනාවන්ත ලෙස එය ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් වූයේ නැහැ.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ඔහු යොමු කළ පන්දුවාර 4 තුළ කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත්වුණේ ලකුණු 27 ක් පමණක් ලබා දෙමින්.

එමෙන්ම පන්දු 4 කට පමණක් මුහුණ දුන් මහීෂ් තීක්ෂණ එහිදී දැවැන්ත හයේ පහරක් සමග නොදැවී ලකුණු 7 ක් ද ලබා ගැනීමට සමත්වුණා.

ඔහු එම හයේ පහර එල්ල කළේ තමා මුහුණ දුන් පළමු පන්දුවටම වීම ද විශේෂත්වයක්.

සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනෙකු පෙන්වා දී ඇත්තේ තීක්ෂණ එල්ල කළ එම හයේ පහර ඔස්සේ පසුගිය පෙබරවාරි මාසයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේ දී ලකුණු සංඛ්‍යාව සම කරමින් තරගය සුපිරි පන්දුවාරයක් කරා රැගෙන යාම වෙනුවෙන් අවසන් පන්දුවාරයේ දී තීක්ෂණ එල්ල කළ හයේ පහර යළි මතකයට නැගුණු බවයි.

මේ වනවිට 2022 IPL තරගාවලියේ තරග 7 කට ක්‍රීඩා කර ඇති මහීෂ් තීක්ෂණ බිඳ හෙලා ඇති සමස්ථ කඩුලු සංඛ්‍යාව 11 ක්.

ඒ, 18.90 ක අනර්ඝ පන්දු යැවීමේ සාමාන්‍යක්ද සමගයි.

තරගාවලිය තුළ පන්දුවාරයකට ඔහුගේ ලකුණු ලබා දීමේ සාමාන්‍ය සටහන්ව ඇත්තේ 7.42 ක් වශයෙන්.

https://twitter.com/cric12222/status/1522131182733135872

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...