20යි 20 ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් සිය ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වාර්ෂික යාවත්කාලීන කිරීම සිදු කරමින් නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අද(4) නිවේදනය කළා.

ඒ අනුව පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට ඉන්දියාව(ශ්‍රේණිගත ලකුණු 270) සමත්ව තිබීම විශේෂත්වයක්.

මීට පෙර ඔවුන් දෙවැනි ස්ථානයේ රැඳී සිටි එංගලන්තයට වඩා එක් ශ්‍රේණිගත ලකණක් පමණක් ඉදිරියෙන් පසුවූ අතර, මේ වන විට ඔවුන් එංගලන්තයට වඩා ශ්‍රේණිගත ලකුණු පහක් ඉදිරියෙන් පසුවනවා.

ඒ, එංගලන්තයේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 265ක් දක්වා ලකුණු 4කින් පහත වැටී ඇති බැවින්.

තෙවැනි ස්ථානයේ පසුවන පාකිස්ථානයට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 261ක්.(ශ්‍රේණිගත ලකුණු 3ක් අහිමි වී ඇත)

දකුණු අප්‍රිකාව(253) සහ ඕස්ට්‍රේලියාව(251) පිළිවෙලින් සිව්වැනි සහ පස්වැනි ස්ථාන දක්වා එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

නවසීලන්තය ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසු බැස ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 250 කට හිමිකම් කියමින්.

නවතම යාවත්කාලීන කිරීමට අනුව ඔවුන්ට අහිමි වී ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව පහක්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තවදුරටත් හත්වැනි ස්ථානයේ පසුවන්නේ ශ්‍රේණිගත ලකුණු 240 කට හිමිකම් කියමින්.(ශ්‍රේණිගත ලකුණු 5කින් ඉහළ ගොස් ඇත)

බංග්ලාදේශය(233) සහ ශ්‍රී ලංකාව(230) පිළිවෙලින් 8 වැනි සහ 9 වැනි ස්ථාන දක්වා එක් පියවර බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

බංග්ලාදේශයේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය දෙකකින් ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය එකකින් ඉහළ ගොස් ඇති බවයි අයි.සී.සීය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්හි දැක්වෙන්නේ.

ඇෆ්ඝනිස්තානය ස්ථාන දෙකකින් පසුබැස ඇති අතර, ඔවුන්ට හිමිව ඇත්තේ 10 වන ස්ථානයයි.

ඇෆ්ඝනිස්තානයට ශ්‍රේණිගත ලකුණු හයක් අහිමි වී ඇති අතර, ඔවුන්ට මේ වන විට හිමිව ඇති ලකුණු ප්‍රමාණය දැක්වෙන්නේ 226 ක් ලෙසයි.

ශ්‍රේණිගත යාවත්කාලීන කිරීමට අනුව වැඩිම ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණයක්, එනම් ලකුණු 11ක් හිමි කර ගෙන ඇත්තේ පෘතුගාලයයි.

මේ වන විට ශ්‍රේණිගත ලකුණු 54 කට හිමිකම් කියන පෘතුගාලය ශ්‍රේණිගත කිරීම්හි 45 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රේණිගත කර ඇති රටවල් ප්‍රමාණය 92 සිට 71 දක්වා අවම වී තිබීම ද විශේෂත්වයක්.

ඒ, ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් වීම සඳහා 2019 වසරේ මැයි මාසයේ සිට ක්‍රීඩා කළ යුතු අවම තරග 6ක ප්‍රමාණය සෙසු රටවල් ක්‍රීඩා කර නොතිබීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...