ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව අධ්‍යක්ෂවරයෙක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂධූරයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා තීරණය කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු ධූරයෙන් ඉවත්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

වික්‍රමරත්න මහතා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර දෙක සාර්ථකව සංවිධාන කිරීම සදහා නායකත්වය ලබා දෙනු ලැබුවා.

“අපි කරපු හොඳ කාර්යයන් දිගටම කරගෙන යන්න අලුත් කෙනෙකුට මෙම භූමිකාව භාර දෙන්න කාලය ඇවිත්.” යනුවෙන් ඔහු සදහන් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමන්ත දොඩංවෙල මහතා LPL තරගාවලියේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු වන ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුවේ සභාපතිවරයා ද වනවා.

ඒ අනුව ජගත් ක්‍රිකට් කවුන්සිලයේ සහ LPL හි පාලන ආයතනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නියම කර ඇති නීති රීති සහ රෙගුලාසිවලට සම්පුර්ණයෙන්ම අනුගත වෙමින් 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමේ වගකීම ඔහුට පැවරෙනු ඇති.

1991 වසරේ සිට 1997 වසර දක්වා කාලයේ දී සමන්ත දොඩංවෙල මහතා එස්.එස්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙල තරග සදහා ක්‍රීඩා කරනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...