වාර්ෂික යාවත්කාලීන කළ නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් සිය ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වාර්ෂික යාවත්කාලීන කිරීම සිදු කර තිබෙනවා.

ඒ අනුව අද(4) ප්‍රකාශයට පත් කළ නවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව එහි පෙරමුණ තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 128ක් හිමි කර ගනිමින්.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඔවුන් දෙවැනි ස්ථානයේ රැදී සිටින ඉන්දියාවට(119) වඩා ශ්‍රේණිගත ලකුණු 9ක් ඉදිරියෙන් පසුවනවා.

තෙවැනි ස්ථානය නවසීලන්තයටත්(111), සිව්වැනි ස්ථානය දකුණු අප්‍රිකාවටත්(110) හිමිව තිබෙනවා.

දකුණු අප්‍රිකාවට මීට පෙර හිමිව තිබූ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 102ක්.

පාකිස්තානය(93) 5 වැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණ ඇති අතර, එංගලන්තය(88) 6 වැනි ස්ථානය දක්වා පියවරක් පසුබැස ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

එංගලන්තයේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 88 දක්වා පහත වැටී ඇත්තේ ලකුණු 97 සිටයි.

ශ්‍රී ලංකාව තවදුරටත් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවනවා. ඒ, ශ්‍රේණිගත ලකුණු 81ක් ලබා ගනිමින්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 8 වැනි ස්ථානයේත්, බංග්ලාදේශය 9 වැනි ස්ථානයේත්, සිම්බාබ්වේ 10 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ඒ, පිළිවෙලින් ශ්‍රේණිගත ලකුණු 77, 51 හා 25ක් හිමි කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...