සිය හොදම කණ්ඩායමට නම් කරන පළමු ක්‍රීඩකයින් 5 දෙනා මහේල කියයි

Date:

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විසින් හොදම ක්‍රීඩකයින්ගෙන් සමන්විත 20යි 20 කණ්ඩායමට (dream XI) තමා විසින් ඇතුළත් කරන පළමු ක්‍රීඩකයින් 5 දෙනා නම් කර තිබෙනවා.

එමෙන්ම එම කණ්ඩායමට ඇතුළත් කිරීමට කැමැත්තෙන් පසුවන විශ්‍රාම ක්‍රීඩකයා සම්බන්ධයෙන් ද මහේල අදහස් පල කළා.

ICC Review වැඩසටහන සමග එක්වෙමිනුයි මහේල ජයවර්ධන මෙම ක්‍රීඩකයින් සිය හොදම කණ්ඩායමට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණේ.

අදාළ ක්‍රීඩකයින් අතරට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව තිබුණේ නැහැ.

ඒ අනුව ඔහු විසින් හොදම ක්‍රීඩකයින්ගෙන් සමන්විත 20යි 20 කණ්ඩායමට නම් කර තිබූ පළමු ක්‍රීඩකයින් 5 දෙනා වූයේ ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්, පාකිස්තානයේ ශහීන් අෆ්රිඩි, ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා, එංගලන්තයේ ජොස් බට්ලර් හා පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන්.

මෙම කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා මහේල ජයවර්ධන විසින් කැදවීමට කැමැත්තෙන් පසුවන විශ්‍රාම ගිය ක්‍රීඩකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ද ICC Review වැඩසටහන මෙහෙයවන සංජනා ගනේසන් විසින් මෙම වැඩසටහනේ දී විමසනු ලැබුවා.

ඊට පිළිතුරු දෙමින් මහේල කියා සිටියේ කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්ව කැදවීමට තමා කැමැත්තෙන් පසුවන බවයි.

“අවුරුදු 30ක් වයස ක්‍රිස් ගේල්ව මම ගේනවා ජොස් බට්ලර් සමග ඉනිම ආරම්භ කරන්න. ඒක නියම සංයෝජනයක් වේවි” යනුවෙන් මහේල කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...