ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශොරිෆුල් සූදානම්

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ශොරිෆුල් ඉස්ලාම්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය පළමු තරගයේ සිට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ශොරිෆුල් ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට නම් කර ඇතත්, ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පවතින්නේනම් පමණක් ඔහුට පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ.

ඔහු උදරය ආශ්‍රිත අසනීප තත්ත්වයකින් පසු වූ අතර, ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔහුව මෑතකදී වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා සිංගප්පූරුව වෙත ද පිටත් කර යැවීමට කටයුතු කළා.

ශොරිෆුල් ඉස්ලාම්ට ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වනු ඇති බවට අනුමාන කර තිබූ බැවිනුයි ඔහුට පළමු ටෙස්ට් තරගය අහිමි වීමේ අවධානමක් මතුව තිබුණේ.

නමුත් සිංගප්පූරුවේ දී වෛද්‍යවරුන් සදහන් කර ඇත්තේ ඔහුට මෙම අවස්ථාවේ දී ශල්‍යකර්මයකට ලක් වීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඒ අනුව ශොරිෆුල් ඉස්ලාම්ට ශ්‍රී ලංකාට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහ්මඩ් එළඹෙන 4 වැනිදා එංගලන්තය වෙත පිටත්ව යාමට නියමිතව ඇති බව ද සදහන්.

ඒ, ඔහුගේ උරහිසක ඇතිව තිබෙන ආබාධ තත්ත්වය සදහා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහායි.

මෙම ආබාධය නිසා ටස්කින්ට ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...