දකුණු අප්‍රිකාවෙන් නව 20යි 20 ලීගයක්

Date:

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය හා සුපර්ස්පෝර්ට් රූපවාහිනී ආයතනය එක්ව නව පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීම සදහා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ලබන ජනවාරි මාසයේ දී එහි පළමු අදියර පැවැත්වීමට නියමිත බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය අවසන් වූ වහාම මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු කරනු ඇති.

තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් ද එක්වීමට නියමිත අතර, පෞද්ගලික හිමිකාරීත්වය යටතට අයත් කණ්ඩායම් 6ක් තරගාවලියට එක් වීමට නියමිතයි.

තරග 33කින් යුත් මෙම නව තරගාවලිය සදහා මෙතෙක් නමක් නිවේදනය කර නැහැ.

තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියක් ද ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

මීට පෙර Mzansi Super League නමින් 20යි 20 තරගාවලියක් එරට ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අතර, 2018 හා 2019 වසරවලදී එම තරගාවලියේ අදියර දෙකක් පවත්වනු ලැබුවා.

කෙසේ වෙතත්, කොවිඩ් 19 වසංගතයේ ද බලපෑම මත අදාළ තරගාවලිය 2020, 2021 හා 2022 යන වසරවලදී පැවැත්වීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...