බංකුවේම ඉදලා එපා වුණ රොෂේන් සිල්වා එංගලන්තයට යයි

Date:

ශ්‍රී ලංකා මැදපෙල පිතිකරුවෙකු වන රොෂේන් සිල්වාට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය ද අහිමි වනු ඇති බව වාර්තා වනවා.

නිමා වූ ජාතික සුපිරි ලීගයේ සිව්දින තරගාවලියේ දී පිත්තෙන් ඉහළ දක්ෂතා දැක් වීමට රොෂේන් සිල්වා සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ඔහු යළි ජාතික සංචිතයට කැදවීමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, ඔහුට අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට පිවිසීමට අවස්ථාවක් මෙම සංචාරයේ දී හෝ ලැබේවිදැයි ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.

එම ගැටලුව ද පදනම් කර ගනිමින් ඔහු මේ වන විට එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් ලීගය වෙනුවෙන් ගිවිසුම් ගතව ඇති බව සදහන්.

ඒ අනුව රොෂේන් සිල්වා වෙනුවට නිමා වූ ජාතික සුපිරි ලීගයේ සිව්දින තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ කමිදු මෙන්ඩිස් බංග්ලාදේශයට එරෙහි තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා කැදවා ඇති බවටයි වාර්තා පල වන්නේ.

33 හැවිරිදි රොෂේන් සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක් ක්‍රීඩා කර තිබූ අතර, එහිදී ලබා ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 702ක්.

ශතකයක් හා අර්ධ ශතක 5ක් ඊට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...