රිෂී ධවාන් ආරක්ෂක මුහුණු ආවරණයක් පැළදීම පිටුපස ඇති සැබෑ හේතුව

Date:

ඉන්දීය ක්‍රීඩක රිෂී ධවාන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී අද පළමුවරට දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වුණා.

විශේෂත්වය වූයේ පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය ඔහු මෙම තරගයේදී මුහුණු ආවරණයක් ද සහිතව ක්‍රීඩා කිරීමයි.

අද තරගයේදී පංජාබ් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

2013 වසරේ දී අයි.පී.එල් වරම් දිනූ රිෂී ධවාන් අවසන් වරට අයි.පී.එල් තරගයක් සදහා ක්‍රීඩා කර තිබුණේ 2016 වසරේ දී යි.

ඔහු ක්‍රීඩා කිරීමේ දී මෙලෙස මුහුණු ආවරණයක් පළදින්නේ කුමන හේතුවක් මත දැයි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව ඇති කරුණක්.

ඊට හේතුව වී ඇත්තේ මෑතකදී ඔහු ක්‍රිකට් පිටියේ දී මුහුණ දුන් අනතුරක්.

මෙවර අයි.පී.එල් තරගාවලිය ආරම්භ වීමට පෙර රංජි කුසලාන තරගාවලියේ දී පන්දුවක් මුහුණේ වැදීමෙන් ඔහු එම අනතුරට මුහුණ දී තිබුණා.

අනතුරුව රෝහල් ගත කෙරුණු ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදුව තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ශල්‍යකර්මයකට ද ලක්ව ඇති බැවින් යළිත් එවැනි අනතුරක් සිදුවීමෙන් මුහුණට සිදුවිය හැකි හානිය වළක්වා ගැනීමේ අරමුණින් රිෂී ධවාන් මෙලෙස පන්දු යැවීමේ දී මුහුණු ආවරණයක් පලදින බව සදහන්.

පුහුණුවීම් අතරතුර දී ද ඔහු මෙම මුහුණු ආවරණය පළදිනු ලබනවා.

අද තරගයේ දී ශිවම් දූබේගේ කඩුල්ල දවා ගැනීමට ද සමත් වුණේ රිෂී ධවාන්.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...