දුෂ්මන්ත චමීරට ලක්ෂ 26ක දඩයක් ; රාහුල්ට තරග තහනමක් හිමිවීමේත් අවධානමක්

Date:

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට දඩ නියම කිරීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ(24) පැවැති තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

මෙය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් අදාළ වරද සිදු කළ දෙවැනි අවස්ථාවයි.

ඒ අනුව ලක්නව් කණ්ඩායමේ නායක කේ.එල් රාහුල්ට ඉන්දීය රුපියල් ලක්ෂ 24ක මුදලක් දඩ ලෙස නියම කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියක පමණ අගයක් වනවා.

තරගයට ක්‍රීඩා කළ සෙසු ක්‍රීඩකයින්ට රුපියල් ලක්ෂ 6ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 26ක් පමණ) හෝ තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් නියම කර ඇති බව සදහන්.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද මෙම තරගය සදහා ක්‍රීඩා කළා.

ලක්නව් කණ්ඩායම විසින් මෙම වරද යළිත් වරක් සිදු කළහොත්, කණ්ඩායමේ නායක කේ.එල් රාහුල්ට එක් තරගයක තහනමක් පැනවීමට ද කටයුතු කරනු ඇති.

කේ.එල් රාහුල්ගේ සුපිරි ශතකයෙන් ශක්තිමත් වෙමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට ද ඊයේ සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...