සන්රයිසස් හමුවේ බැංගලෝර් පිලට අන්ත පරාජයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

එම තීරණයට සාර්ථක ප්‍රතිචාරයක් දැක්වීමට බැංගලෝර් කණ්ඩායමට නොහැකි වූ අතර, ඔවුන් අයි.පී.එල් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ 6 වැනි අවම ලකුණු සංඛ්‍යාවට මෙම තරගයේ දී දැවී ගියා.

බැංගලෝර් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 68කට සීමා වුණේ පන්දුවාර 16.1 ක් තුළදීයි.

Suyash Prabhudessai ලකුණු 15කටත්, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 12කටත් දැවී ගියා. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

අනුජ් රාවත්, විරාට් කෝලි හා දිනේෂ් කාර්තික් ලකුණු නොලබා දැවී ගියා. වනිදු හසරංග ලකුණු 8(19)යි.

පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් ලකුණු 25කට කඩුලු 3ක් හා ටී නටරාජන් ලකුණු 10කට කඩුලු 3ක් දවා ගත්තා.

ජන්සෙන් විසින් සිය කඩුලු තුනම දවා ගනු ලැබුවේ බැංගලෝර් ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දී වීම කැපී පෙනුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් පිල පන්දුවාර 8ක් පමණක් වැය කරමින් එක් කඩුල්ලක් දැවී ජයග්‍රහනය වාර්තා කළා.(72/1)

අභිෂෙක් ෂර්මා ලකුණු 47(28)ක් හා කේන් විලියම්සන් නොදැවී ලකුණු 16ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...