නිපන්දුවේ අර්බුදය : රිෂාබ්ට හා තාකූර්ට දැවැන්ත දඩයක් ; සහාය පුහුණුකරුට තරග තහනමක්

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක රිෂාබ් පාන්ට්ට තරග ගාස්තුවෙන් 100%ක දඩ මුදලක් පැනවීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ(අයි.පී.එල්) සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගයේ දී අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරගය පැවැත්වුණේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී යි.

අයි.පී.එල් විනය නීති සංග්‍රහයේ 2.7 වගන්තිය උල්ලංගණය කරමින් දෙවන මට්ටමේ වරදක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර, එම වරද රිෂාබ් පාන්ට් විසින් පිළිගෙන තිබෙනවා.

ඔහුට අමතරව දිල්ලි කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශර්දුල් තාකූර්ට ද තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

අයි.පී.එල් විනය නීති සංග්‍රහයේ 2.8 වගන්තිය උල්ලංගණය කරමින් දෙවන මට්ටමේ වරදක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වු අතර, එම වරද තාකූර් විසින් පිළිගෙන තිබෙනවා.

එමෙන්ම අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු Pravin Amre ට ද තරග ගාස්තුවෙන් 100%ක දඩ මුදලක් පැනවූ බව අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා.

ඊට අමතරව ඔහුට එක් තරගයක් සදහා වන තරග තහනමක් ද පනවා තිබෙනවා.

අයි.පී.එල් විනය නීති සංග්‍රහයේ 2.20 වගන්තිය උල්ලංගණය කරමින් දෙවන මට්ටමේ වරදක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වු අතර, එම වරද සහාය පුහුණුකරු විසින් පිළි ගනු ලැබුවා.

අදාළ තරගයේ අවසන් පන්දුවාරය රාජස්ථාන් කණ්ඩායමේ ඔබෙඩ් මැකෝයි විසින් යොමු කළ අතර, අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහනය සදහා දිල්ලි පිලට ලකුණු 36ක් ලබා ගැනීමට අවශ්‍ය වුණා.

එම පන්දුවාරයේ පළමු පන්දු 3ටම දැවැන්ත හයේ පහර 3ක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු දිල්ලි කණ්ඩායමට ගෙන ඒමට රොව්මන් පවෙල් සමත් වූ නමුත්, අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුව තණතීරුවේ පතිත නොවී පිතිකරුවාගේ ඉන ආසන්නයටම පැමිණි අතර, එම පන්දුව නිපන්දුවක් විය යුතු බවයි දිල්ලි ක්‍රීඩකයින්ගේ මතය වුණේ. කෙසේ වෙතත්, එය නිපන්දුවක් නොවන බව විනිසුරුගේ තීරණය වුණා.

එම අවස්ථාවේ දී ක්‍රීඩාංගනයෙන් පිටත රැදී සිටි දිල්ලි කැපිටල්ස් නායක රිෂාබ් පාන්ට් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ මෙන්ම සහාය පුහුණුකරුගේ දැඩි විරෝධයක් විනිසුරුවන්ට එල්ල වූ අතර, පාන්ට් විසින් පිතිකරුවන් දෙදෙනා යළි ක්‍රීඩාගාරයට කැදවීමට උත්සාහ ගන්නා ආකාරයක් ද දක්නට ලැබුණා.

සහාය පුහුණුකරු Pravin Amre ක්‍රීඩාංගනය තුළටම පැමිණ අදාළ මතභේදාත්මක විනිසුරු තීරණය සම්බන්ධයෙන් විනිසුරුවන්ගෙන් ප්‍රශ්න කිරීම බොහෝ පාර්ශවවල දැඩි විවේචනයට ද ලක් වූ සිදුවීමක් බවට පත් වුණා.

මෙම තරගයෙන් රාජස්ථාන් කණ්ඩායමට ලකුණු 15ක ජයක් හිමි වුණා.

https://twitter.com/prabhas_mania17/status/1517568146420293632

https://twitter.com/VinayShu1998/status/1517568521601175552

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...