රසල්ගේ තුන් ඉරියව් දක්ෂතා අපතේ යයි ; ගුජරාට් පිලට ලකුණු 8ක තියුණු ජයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වන තරගය අද(23) මුම්බායිහි DY Patil ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 8ක තියුණු ජයක් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හිමි කර දෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ පළමු අවස්ථාව එයයි.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා.

නායක හර්ඩික් පාන්ඩ්යා ලකුණු 67(49)යි. ඩේවිඩ් මිලර් ලකුණු 27ක් ද, ව්රිධිමන් සහා ලකුණු 25ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ඉනිමේ අවසන් පන්දුවාරය පමණක් යොමු කළ අන්ඩ්‍රි රසල් ලකුණු 5ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගැනීම විශේෂත්වයක්. ටිම් සවුති ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි.

රින්කු සිං ලකුණු 35යි. අන්ඩ්‍රි රසල් පන්දු 25කින් ලකුණු 48ක් වාර්තා කරමින් කොල්කටා කණ්ඩායම ජයග්‍රහනය අසලටම රැගෙන යාමට සමත් වුවත්, ඔවුන්ට තරගය ජය ගැනීමට අවස්ථාව හිමි වූයේ නැහැ. රසල්ගේ ඉනිමට හයේ පහර 6ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි, යශ් දයාල් හා රශීඩ් ඛාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...