ධනංජයත් විදෙස් ලීග් තරගාවලියකට

Date:

බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද(17) බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

එම තරගාවලියේ දී ධනංජය නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ Abahani Limited කණ්ඩායමයි.

තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට පවත්වා අවසන්ව ඇති අතර, සුපර් ලීග් වටයේ තරග හෙට(18) සිට ආරම්භ වීමට නියමිතයි.

ධනංජය ද සිල්වාට අමතරව කුසල් මෙන්ඩිස් ද ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින අතර, ඔහු එම තරගාවලියේදී Mohammedan Sporting Club කණ්ඩායම නියෝජනය කරනවා.

ඔහු පසුගියදා Legends of Rupganj කණ්ඩායමට එරෙහිව ශතකයක් ද වාර්තා කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේ දී බංග්ලාදේශයේ ටෙස්ට් තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.

ඒ අනුව ධනංජය ද සිල්වා හා කුසල් මෙන්ඩිස් ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිට සෘජුවම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමග එරට දී සම්බන්ධ වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...