ත්‍රිපාතිගේ හා මාක්‍රම්ගේ සුපිරි ප්‍රහාරය සන්රයිසස් පිලට ජය ගෙනෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(15) සමත් වුණා.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

සන්රයිසස් පිලේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 175ක් රැස් කළා.

නිටිෂ් රානා ලකුණු 54(36)ක් හා නායක ෂ්රෙයස් අයියර් ලකුණු 28ක් ලබා ගත්තා. අන්ඩ්‍රි රසල් පන්දු 25 කින් නොදැවී ලකුණු 49ක් වාර්තා කළේ හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්.

පන්දු යැවීමේ දී ටී නටරාජන් ලකුණු 37කට කඩුලු 3ක් ද, උම්රාන් මලික් ලකුණු 27කට කඩුලු 2ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 13ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රාහුල් ත්‍රිපාති පන්දු 37ක් වැය කරමින් ලකුණු 71ක් රැස් කළා. හයේ පහර 6කින් හා හතරේ පහර 4කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

ඒඩ්න් මාක්‍රම් පන්දු 36කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 68ක්. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 6ක් සමගින්.

පන්දු යැවීමේ දී අන්ඩ්‍රි රසල් පන්දුවාර 2ක් යොමු කරමින් ලකුණු 20කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...