IPL තරගාවලියට කොවිඩ් රිංගයි

Date:

වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිට් රානා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වෙනුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතව තිබෙනවා.

ඒ, කොල්කටා කණ්ඩායමේ රසික් සලාම් පිට කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

රසික් සලාම් මෙවර අයි.පී.එල් තරගාවලියේ දී කොල්කටා පිල වෙනුවෙන් තරග දෙකකට ක්‍රීඩා කළ නමුත්, ආබාධය හේතුවෙන් ඔහුට තරගාවලියේ ඉතිරි තරග අහිමි වී තිබෙනවා.

ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලකටයි හර්ෂිට් රානා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග එක්ව ඇත්තේ.

මේ අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ භෞත චිකිත්සක Patrick Farhart හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අයි.පී.එල් තරගාවලියේ සංවිධායක මණ්ඩලය නිවේදනය කළා.

මේ වන විට කැපිටල්ස් කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම ඔහුගේ තත්ත්වය පිළිබද සමීපව පරීක්ෂාවට ලක් කරමින් සිටින බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...