මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සිය පළමු පරාජය අත්විදීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට අද(11) සිදු වුණා.
ඒ, මෙවර තරගාවලියේ 21 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම හමුවේ කඩුලු 8කින් පරාජයට පත් වීම හේතුවෙන්.
මුම්බායිහි DY Patil ක්රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් පිල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ගුජරාට් කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 162ක් ලබා ගනිමින්.
නායක හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 50(42)ක් ද, අභිනව් මනෝහාර් ලකුණු 35(21)ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් හා ටී නටරාජන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී ජයග්රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදීයි.
නායක කේන් විලියම්සන් ලකුණු 57(46)ක් හා අභිෂෙක් ෂර්මා ලකුණු 42(32)ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.
නිකලස් පූරාන් නොදැවී ලකුණු 34(18)යි.
මේ වන විට ගුජරාට් පිල මෙවර තරගාවලියේ දී ක්රීඩා කළ තරග 4න් තරග 3ක් ජය ගෙන ඇති අතර, සන්රයිසස් කණ්ඩායම මෙතෙක් ක්රීඩා කළ තරග 4න් තරග 2ක් ජය ගෙන තිබෙනවා.
— cric fun (@cric12222) April 11, 2022

