Watch : බට්ලර්ගේ කඩුල්ල බිද දැමූ සුපිරි පන්දුව

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය අද(10) රාත්‍රියේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ලක්නව් කණ්ඩායම වෙනුවෙන් යළිත් දුෂ්මන්ත චමීර ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

ඒ, ශිම්රන් හෙට්මයර් පන්දු 36කින් නොදැවී ලබා ගත් ලකුණු 59න් ශක්තිමත් වෙමින්.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීරට කඩුලු දවා ගැනීමට නොහැකි වුව ද, ඔහු සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 22ක් පමණයි.

මෙම ඉනිමේ දී ජොස් බට්ලර් දැවී ගිය ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

ලකුණු 13(11)ක් ලබා සිටියදී ඔහු දැවී ගියේ අවේශ් ඛාන් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...