මුම්බායි ඉන්දියන්ස් පිට පිට 4 වැනි තරගයත් පරදියි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කළ සිව්වැනි තරගයෙන් ද පරාජයට පත් වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අද(9) සිදු වුණා.

ඒ, තරගාවලියේ 18 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හමුවේ කඩුලු 7ක පරාජයක් ලැබීමත් සමගයි.

මෙම තරගය සදහා මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් වීම විශේෂත්වයක්.

පූනේ හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 151ක් ලබා ගත්තා.

රෝහිට් ෂර්මා හා ඉෂාන් කිෂන් ලකුණු 26 බැගින් ලබා ගත්තා.

හුදෙකලා සටනක නිරත වෙමින් මුම්බායි කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය සූර්යකුමාර් යාදව් පන්දු 37කින් ලකුණු 68ක් නොදැවී රැස් කළා.

හයේ පහර 6ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 28කට කඩුලු 2ක් ද, හර්ෂාල් පටෙල් ලකුණු 23කට කඩුලු 2ක් දි බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 9ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.(152/3)

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 16යි. අනුජ් රාවත් පන්දු 47කින් ලකුණු 66ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 6ක් හා හතරේ පහර 2ක් සමගින්.

විරාට් කෝලි ලකුණු 48(36)ක් ලබා සිටියදී දැවී ගියේ බේබි ඒබී නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින 18 හැවිරිදි ඩිවෝල්ඩ් බ්‍රේවිස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන්.

එම පන්දුව බ්‍රේවිස් අයි.පී.එල් පිටියේ යොමු කළ පළමු පන්දුව වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...