දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක රිෂාබ් පාන්ට්ට දඩ නියම කිරීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.
ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග ඊයේ(7) පැවැති අයි.පී.එල් තරගයේ දී දිල්ලි කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර යවා නිම නොකිරීම හේතුවෙන්.
මෙය දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේ දී අදාළ වරදට හසු වූ පළමු අවස්ථාවයි.
එබැවින් දිල්ලි කැපිටල්ස් නායක රිෂාබ් පාන්ට් හට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ මුදලක් පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.
එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාමක් වනවා.

