භානුකට අද තරගය අහිමි වීමේ අවධානමක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය අද (8) පැවැත්වෙනවා.

ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි. තරගය රාත්‍රී 7.30ට මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය සදහා පංජාබ් කණ්ඩායම වෙනුවෙන් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටව් මේ වන විට පංජාබ් කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල් තරග සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බැවින්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් පසුවයි ඔහු මේ වන විට ඉන්දියාවට පැමිණ අනිවාර්යය නිරෝධායන කාලසීමාවන් ද ගත කර අවසන් කර ඇත්තේ.

ඔහු අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතිනවා. එසේ වුවහොත් ඔහු වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදු වන විදෙස් ක්‍රීඩකයා කවුරුන් ද යන්න ගැටලුවක්.

භානුක රාජපක්ෂ ද පළමු තරග කිහිපයේ දී පිත්තෙන් සුවිශේෂී දක්ෂතා දක්වා ඇති බැවින් පංජාබ් කණ්ඩායම අද තරගය සදහා අවසන් 11 දෙනා තෝරා ගැනීමේ දී දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන බව නම් නොරහසක්.

භානුක රාජපක්ෂ මෙතෙක් ක්‍රීඩා කළ අයි.පී.එල් තරග තුනේ දී ලකුණු 43(22), 31(9), 9(5) රැස් කිරීමට සමත් වුණා.

පංජාබ් කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ තරගයේ දී ඔවුන්ගේ විදෙස් ක්‍රීඩකයින් සිව්දෙනා වූයේ භානුක රාජපක්ෂ, ලියම් ලිවින්ග්ස්ටන්, ඔඩියන් ස්මිත් හා කාගිසෝ රබාඩා.

ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ භානුක රාජපක්ෂ වෙනුවට අද දිනයේ දී ජොනී බෙයාර්ස්ටව් කණ්ඩායමට ආදේශ කරනු ඇති බවයි.

කෙසේ වෙතත්, භානුක දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහු අංක 3 පිතිකරු ලෙසත්, බෙයාර්ස්ටව් අංක 4 පිතිකරු ලෙසත්, ලිවින්ග්ස්ටන් අංක 5 පිතිකරු ලෙසත් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් පවතින බව ද ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන කරුණක්.

එසේ වුවහොත් පන්දු යැවීමෙන් එතරම් දක්ෂතා අතරට පැමිණීමට මෙවර තරගාවලියේ දි මෙතෙක් නොහැකි වූ ඔඩියන් ස්මිත්ට අද තරගයේ දී කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති.

කෙසේ වෙතත්, එහිදී පන්දු යැවීමේ අංශය දුර්වල වන බැවින් ඊට විසදුමක් සෙවීමට ද පංජාබ් කණ්ඩායමට සිදු වනවා.

කාගිසෝ රබාඩා ප්‍රධාන විදෙස් වේග පන්දු යවන්නා ලෙස ගැටලුවකින් තොරව මෙම තරගය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...