Watch : ආබාධයෙන් පසු පිටියට ආ සූර්යකුමාර් එල්ල කළ සුපිරි හයේ පහර

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය අද(6) රාත්‍රියේ පූනේ හී දී ආරම්භ වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා පිල පළමුවෙන් පන්දුවට පහර දීමට මුම්බායි පිලට ආරාධනා කළා.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 161ක් ලබා ගනිමින්.

ආබාධයක් හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වූ සූර්යකුමාර් යාදෙව් අද තරගය සදහා ක්‍රීඩා කළ අතර, මුම්බායි ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් ඔහු පන්දු 36කින් ලකුණු 52ක් ලබා ගත්තා.

සූර්යකුමාර් සිය ඉනිමේ දී එල්ල කළ අලංකාර හයේ පහරක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...