Watch : බේබි AB මංගල IPL ඉනිමේ දී එල්ල කළ සුපිරි හයේ පහර

Date:

නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තරගාවලියේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබූ දකුණු අප්‍රිකාවේ ඩිවෝල්ඩ් බ්‍රේවිස් අද(6) ඉන්දීය ප්‍රිමියර් ලීග් වරම් හිමි කර ගත්තා.

දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරු ඒ.බී ඩිවිලියස්ට සමාන ආකාරයකින් පන්දුවට පහර දෙන බැවින් ලොව පුරා බේබි ඒ.බී නමින් ප්‍රසිද්ධියට පත් වූ 18 හැවිරිදි ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙනුයි අයි.පී.එල් වරම් දිනා ගත්තේ.

ඒ, අද රාත්‍රියේ පූනේ හී දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා පිල පළමුවෙන් පන්දුවට පහර දීමට මුම්බායි පිලට ආරාධනා කළා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස රෝහිට් ෂර්මා ලකුණු 3කට දැවී යාමෙන් පසුවයි ඩිවෝල්ඩ් බ්‍රේවිස් පිටියට පිවිසුණේ.

සිය මංගල අයි.පී.එල් තරගයේ දී පන්දු 19කින් ඔහු ලකුණු 29ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 2 බැගින් එල්ල කරමින්.

වරුන් චක්‍රවර්තීට එරෙහිව බ්‍රේවිස් එල්ල කළ සුපිරි හයේ පහරක් මේ වන විටත් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.(දර්ශන පහතින්)

ඉන්දීය රුපියල් කෝටි 3 ක මුදලක් වැය කරමිනුයි මුම්බායි කණ්ඩායම විසින් මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ඩිවෝල්ඩ් බ්‍රේවිස් මිලදී ගනු ලැබුවේ.

අයි.පී.එල් වරම් ලැබූ පස්වැනි ලාබාලතම විදෙස් ක්‍රීඩකයා ලෙස ද ඔහු අද ඉතිහාසගත වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...