කුසල් මෙන්ඩිස් DPL තරගාවලියට

Date:

බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් (DPL) එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව newswire වෙබ් අඩවිය වාර්තා කරනවා.

මෙවර තරගාවලියේ දී Mohammedan Sporting Club කණ්ඩායම වෙනුවෙනුයි ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව කුසල් මෙන්ඩිස් තරගාවලියට සහභාගී වීම සදහා හෙට(7) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යනු ඇති.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ඉදිරියේ දී බංග්ලාදේශ තරග සංචාරයක ද නිරත වීමට නියමිතව ඇති අතර, කුසල් මෙන්ඩිස් ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධ වී අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සමග එරට දී ම එක් වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...