The Hundred Draft : සුනිල් නාරායන් ඕවල් කණ්ඩායමට

Date:

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) කටයුතු හෙවෙත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී Oval Invincibles හා Trent Rockets යන කණ්ඩායම් විසින් තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු තරගාවලියේ සංවිධායකයින් විසින් මේ වන විට නිවේදනය කර තිබෙනවා.

ඊයේ(4) දිනයේ දී මාධ්‍යයට විවෘත නොවී ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු සිදු කෙරුණු අතර, එහිදී තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු නිවේදනය කරන්නේ අද(5) දිනය තුළයි.

මීට පෙර London Spirit හා Welsh Fire මෙන්ම Manchester Originals හා Northern Superchargers යන කණ්ඩායම් සදහා තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු නිවේදනය කෙරුණා. Manchester Originals කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ වනිදු හසරංගව තෝරා ගැනීම විශේෂත්වයක්.

මෙවර ක්‍රීඩක තෝරා ගැනීමේ දී Oval Invincibles හා Trent Rockets යන කණ්ඩායම් විසින් තෝරා ගත් ක්‍රීඩකයින් පහතින් –

  • Oval Invincibles Men’s signings: Sunil Narine(overseas), Rilee Rossouw(overseas), Danny Briggs, Hilton Cartwright(overseas), Matt Milnes, Jack Leaning 
  • Trent Rockets Men’s signings: Tom Kohler-Cadmore, Colin Munro(overseas), Ian Cockbain, Luke Fletcher

එම කණ්ඩායම් දෙක විසින් ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට පෙර සිය කණ්ඩායම්වල රදවා ගෙන තිබූ ක්‍රීඩකයින් –

  • Oval Invincibles : Sam Curran, Rory Burns, Jason Roy, Sam Billings, Tom Curran, Will Jacks, Saqib Mahmood, Reece Topley, Jordan Cox, Nathan Sowter
  • Trent Rockets : Joe Root, Dawid Malan, Rashid Khan (overseas), Alex Hales, Lewis Gregory, Marchant de Lange (overseas), Luke Wood, Samit Patel, Matthew Carter, Steven Mullaney, Sam Cook, Tom Moores

කණ්ඩායම් 8 සදහා ක්‍රීඩකයින් 42 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් ක්‍රීඩක කෙටුම්පත් කිරීම සංවිධාන කර තිබුණා. එම ක්‍රීඩකයින් 42 දෙනා අතරට, විදෙස් ක්‍රීඩකයින් 17 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 25 දෙනෙකු තෝරා ගැනීමටයි නියමිතව තිබුණේ.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ලියාපදිංචි වී සිටි විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 285ක් වන අතර, දේශීය ක්‍රීඩකයින් 250 දෙනෙකු ද ඊට ඉදිරිපත් කෙරුණා. විදෙස් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 දෙනෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...